2027 දී මෙරට ආර්ථිකය වර්ධනය ගැන IMF පුරෝකථනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) වාර්තාවට අනුව, 2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 3.7 දක්වා සීමා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) වාර්තාවට අනුව, 2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 3.7 දක්වා සීමා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
එහිදී මෙම වසරේ (2026) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඇස්තමේන්තු කර ඇත්තේ සියයට 4.0ක් වශයෙනි. එමෙන්ම, 2027 වසර සඳහා මෙරට උද්ධමන අනුපාතය සියයට 5.4 ක් ලෙසත්, විරැකියා අනුපාතය සියයට 3.9 ක් ලෙසත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මූල්‍ය අරමුදලේ මෙම නවතම වාර්තාව අනාවරණය කර ඇත. ගෝලීය වශයෙන් ගත් කල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2026 වසරේදී සියයට 3.1 කින් සහ 2027 වසරේදී සියයට 3.4 කින් ගෝලීය ආර්ථිකය වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன