හිටපු ජනපති මහින්දගේ නමත් ගෑවුණු එයාර්බස් ගණුදෙනුවට අදාළ නුඩුවේ සම්පූර්ණ විස්තරය
2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත්තේ යැයි චෝදනා එල්ලවන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලින්, රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන්නේ යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළ බව විමර්ශන නිලධාරින් අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.