ශ්රී ලංකාව නව වැඩසටහනක් ඉල්ලුවොත් සහාය දෙන්න IMF සූදානම්
ජාත්යන්තර මූල්ය අරමුදල සෑම විටම ශ්රී ලංකාව වෙනුවෙන් කැපවූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අංශ ප්රධානී සොනාලි ජේන්-චන්ද්රා මහත්මිය අවධාරණය කරයි.
