නිවැරදි ආහාර වේලක් තුලින් දියවැඩියාව පාලනය කරමු
කොළඹ උතුර ශික්ෂණ රෝහලේ උපදේශන පෝෂණ වෛද්‍ය තක්ෂිලා ගෞරි සමරසේකර විසිනි 'ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත වීමේ අධ්‍යයනය' (Sri Lanka Health and Ageing Study) මඟින් අද වන විට වැඩිහිටි පරපුර අතර බහුලව පවතින මෙරට ඉතාමත් බරපතළ සෞඛ්‍යය තත්වයක් පිළිබඳව අනාවරණය කර ගෙන ඇත. ඒ තුලින් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින අතර...
