ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සහ මි.මී. 100ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව, මඩකළපුව, අම්පාර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.
