රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීමට වත්මන් රජය කැපවී සිටිනවා - කථානායක
අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කිරීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ පළමු වැඩසටහන අද (26) පෙරවරුවේ කිලිනොච්චියේදී පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සභාපතිත්වය යටතේ ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස 2025 වර්ෂයේදී ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළ [...]
