තමන් නිවැරදිකරු බව හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි විත්ති කුඩුවේ සිට කියයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සියලු චෝදනාවලට තමා නිවරැදිකරු බවට විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කළා. ඒ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වු අවස්ථාවේ දීයි. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා. නඩු විභාගය ආරම්භ වීමට මත්තෙන් මහාධිකරණ විනිසුරුවරයා [...]
