පයාගල, කොස්හේන ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදු කළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, යටදොළ වත්ත, ඇළදූව දෙමළ විද්‍යාලය ආසන්නයේ රබර් වත්තක දමාගොස් තිබියදීයි. එම යතුරු පැදිය සම්පුර්ණයෙන්ම ගිනි ගැනීමකට
පෙට්‍රල් රැගෙන ආ බවට සැක කෙරෙන බෝතලයක් සහ ගිනි පෙට්ටියක්ද ඒ ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා. පානදුර කුඩු සළිදු සහ පානදුර කුඩු නිලංග ගේ පාතාල කල්ලි දෙක අතර පවතින ගැටුමක් හේතුවෙන් එම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා පානදුර, වදුරම්මුල්ල සුසාන භූමියේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු බවත්, ඔහු පානදුර කුඩු නිලංග ගේ පාර්ශවයේ අයෙක්.
Summarised from Neth News
Keywords- වෙඩික්කරුවන්
- යතුරුපැදිය
- සැකකරුවන්
- තවදුරටත්
- දොඩන්ගොඩ
- නිලංගගේ
- මස්සිනා
- යොදාගත්
- හමුවෙයි
- ඝාතනයට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage