මන්නාරමේ තෙල්, ගෑස් කැණීමට කතෝලික රදගුරු සමුළුව ලෙඩක් අදී... ජන මත විමසුමක් ඉල්ලයි..
මන්නාරම් දූපත අවට මුහුදු තීරයේ සිදු කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති ඉන්ධන සහ ගෑස් ගවේෂණ කැණීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සිය අවධානය යොමු කර තිබේ. එවැනි ව්‍යාපෘති රටේ ආර්ථික සංවර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වුවද, ඊට පෙර අනිවාර්යයෙන්ම විනිවිදභාවයෙන් යුත් නිසි පාරිසරික තක්සේරුවක් සිදු කළ යුතු බව රදගුරු සමුළුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී. දැනටමත් මන
