අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය හෙට සිට දැඩිවෙයි - වසරක සහන කාලය අදින් අවසන්
අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ඒ සඳහා ලබාදී තිබූ වසරක පමණ සහන කාලය අදින්...
අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ඒ සඳහා ලබාදී තිබූ වසරක පමණ සහන කාලය අදින්...
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථ වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ද ආසන පටි පැළඳිය යුතු බව පොලීසිය අවධාරණය කරයි. මේ අතර, ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය මීට වසරකට පමණ පෙර හඳුන්වා දුන්නද, ඇතැම් පැරණි වාහනවල නිෂ්පාදකයින් විසින් ආසන පටි සවිකර නොතිබීම හේතුවෙන් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ලබාදීමට සිදුවූ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පැවසීය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story