දිවයින පුරා පාසල්වලට Smart Boards 4,500 කට අධික ප්‍රමාණයක් පළාත් මට්ටමින් බෙදාහැරීමට පියවර - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -
දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අනාවරණය කළාය.
