4 sources
පොලිස් Body Camara ටෙන්ඩරයේ වංචාවක්... TOR හදලා තියෙන්නේ Chat GPT..
පොලිස් නිලධාරීන්ට පැලඳීම සඳහා ශරීර කැමරා මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතාවයක් පිළිබඳව සැක ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ මහතා පවසයි. නුගේගොඩ කන්දවත්ත වෘත්තීය සමිති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වසන්ත මුදලිගේ මහතා මෙසේද පැවසීය. පොලිසියට ශරීර කැමරා 500 ක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ වී තිබෙනවා. එය කළ යුතු දෙයක්. ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන්න
