කතානායක සාක්කි කන්දකට කොටුවෙයි.. නිල නිවසේ සේවක අටක් අල්ලසෙන් කැදවයි..
කථානායකවරයාගේ නිල නිවසේ භාවිත වූ භාණ්ඩ වට්ටෝරු පොත (ඉන්වෙන්ටරි පොත) අතුරුදන්වීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එහි සේවකයින් අට දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම් දීම සිදු කර ඇත.
