2026 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.1ක වර්ධනයක්
2026 වර්ෂයේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.1%ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2026 පළමු කාර්තුව තුළ දී සමස්තයක් ලෙස කෘෂිකාර්මික, කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 1.1%ක්, 7.2%ක් සහ 3.4%ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්...
