ලෝක ඖෂධවේදීන්ගේ දිනයට සමගාමීව APPCON 2026 වාර්ෂික අධ්‍යයන සැසිවාරයක්
සෑම වසරකම සැප්තැම්බර් 25 දින සැමරෙන ලෝක ඖෂධවේදීන්ගේ දිනයට සමගාමීව ඖෂධවේදීන්ගේ වෘත්තීය දැනුම හා නිපුණතා අඛණ්ඩව යාවත්කාලීන කිරීම, වෘත්තීය ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කිරීම, වෘත්තීය සහයෝගීතාව පුළුල් කිරීම සහ නවීන සෞඛ්‍ය සේවා පද්ධතියේ අනාගත අවශ්‍යතාවන්ට සරිලන පරිදි මෙරට ඖෂධවේදී වෘත්තියේ ඉදිරි ප්‍රගමනය සඳහා නව අවකාශ හඳුනාගැනීම අරමුණු කරගනිමින් ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමය (Association of Practicing Pharmacists - APP) විසින් සංවිධානය කරන ලද APPCON 2026 වාර්ෂික අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
