2025 වසර අවසානය වන විට මෙතෙක් පැවති වැඩිම දළ නිල සංචිත ප්රමාණයට ළඟා වීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. මහ බැංකුවේ වාර්ෂික අවසාන ඉලක්කය ඉතා පහසුවෙන් ළඟා කර ගැනීමට හැකි වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.සංචිත ගොඩනැගීමේදී ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව යටතේ යම් ඉලක්කයක් සපුරා ගැනීමට රජයට ඇස්තමේන්තුවක් ඇති බව මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේය.දෙසැම්
ඊට අමතරව, අයවැය සඳහා ලෝක බැංකුව සමඟ අත්සන් තැබූ ගිවිසුමක් යටතේ ඩොලර් මිලියන 370ක් පමණ ලැබීමට නියමිත බව ද හෙතෙම කියා සිටියේය. මීට අමතරව, ලබන මාසයේ දී ද ලෝක බැංකුවෙන් තවත් මුදලක් ලැබීමට නියමිත අතර, මේ අනුව දෙසැම්බර් අග වන විට රජයට ඩොලර් මිලියන 700ත් 850ත් අතර මුදලක් ලැබීමට නියමිතය. මෙම ලැබීම්ත් සමඟ, අවුරුද්ද අවසන් වන විට මෙතෙක් තිබූ වැඩිම සංචිත මට්ටමකින් වසර අවසන් කිරීමට හැකි වනු ඇත.
Summarised from Lanka C News
Organisations- International Monetary Fund2
- World Bank2
- Central Bank of Sri Lanka
- මුදල් අමාත්යාංශයේදී
- මහ බැංකුව
Keywords- සංචිත2
- විශ්වාසයෙන්
- බිලියනයක්
- පහසුවෙන්
- අධිපති
- ඉලක්කය
- අවසාන
- කරන්න
- ඩොලර්
- විදේශ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage