වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු කිරුළ රැකගැනීමට ප්‍රබල ඉන්දීය අභියෝගයක්
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් වත්මන් ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට (13 දා) මුහුණට මුහුණ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හමුවෙන ඇත. මන්දගාමී තණතීරුවක් ලෙසින් සැලකෙන මෙම අවසන් සටනේ ශූරතාව දඟ පන්දු යවන්නන්ගේ දස්කම් මත බොහෝ දුරට තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙතෙක් තරගාවලියේදී දඟ පන්දු යවන්නියන්ගේ [...]
