2 sourcesUpdated
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සහ සයිබර් තර්ජන කළමනාකරණය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ සහාය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පද්ධතීන් මුහුණදෙන වත්මන් සයිබර් ආරක්ෂක අභියෝග සහ ඒ සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සයිබර් සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර අද (05 ) ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙම නියෝජිත පිරිස සඳහා ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ...
Summary
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සහ සයිබර් තර්ජන කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්විණි. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) සයිබර් තර්ජන හඳුනාගැනීමේ සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ CERT-In ආයතනයේ මෙහෙයුම් අත්දැකීම් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී ප්‍රධාන අවධානය යොමු වී තිබේ.

