ලංවිම හැර යන සේවකයන්ට වන්දි ගෙවන්න විදුලි බිල වැඩි කරයි..
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් මිලියන 11,554ක දැවැන්ත මුදලක් විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට රජය සූදානම් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි. මෙය මුළුමනින්ම අනීතික ක්‍රියාවක් බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු යටතේ සේවකයන් 2,158 දෙනෙකු රැකියාවෙන
