වාහන අලෙවිය විශාල ලෙස පහල වැටේ...
මෙරට සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සඳහා පනවා ඇති බදු සංශෝධනය කරමින් ඒවායේ මිල ගණන් පහත හෙළීමට රජය මැදිහත් විය යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි. ඉන්ධන පිරිමැසුම්දායක වාහන සඳහා පනවා ඇති අධික බදු ඉවත් කළ යුතුය.
