ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට ආසියා පැසිෆික් කොමිෂන් සභාව සමග නව ගිවිසුමකට අනුමැතිය
ශ්‍රී ලංකාවේ තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු පද්ධතියේ ප්‍රතීතනය හා සහතික කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පිලිපීනයේ පිහිටි ආසියා - පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
