ජනාධිපතිගේ රට ගමන්වල වියහියදම් වාර්තාව පාර්ලිමේන්තුව
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය වැය ශීර්ෂ වියදම්වලින් 58%ක් අඩුකරගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අද (15) ආරම්භ වූ 2026 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙමගින් ජනාධිපතිවරයා කෝටි 30කට ආසන්න මුදලක් ඉතිරි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ජනාධිපතිවරයා මහ මන්දිර [...]
