2 sources
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩකළපුව ඉස්සන් ගොවීන්ට රුපියල් මිලියන 9.55ක මූල්‍ය ආධාර
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉස්සන් ගොවිපළ හිමියන් වෙනුවෙන් රුපියල් මිලියන 9.55ක මූල්‍ය ආධාර චෙක්පත් ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (28) මඩකළපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
