22 වන ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයාගේ සහතිකය
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (25) සිය සහතිකය සටහන් කළා. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද පැවැත්වුණු අතර, එහිදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ [...]
