4 sources
ඇත්දළ කොටස් සහ ඇත් කෙඳි සමඟ බුත්තල දී අයෙක් අත්අඩංගුවට
බුත්තල නගරයේදී බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර දළ කොටස් 11 ක්, ඇත්දළ කොටස් වලින් සකසන ලද අත්පළඳනාවක් හා ඇත් කෙඳි 29 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අවුරුදු 67 ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. බුත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
