නේවි සීල් පුහුණුව සම්පූර්ණ කළ පළමු ලාංකික නිලධාරියා වන 28 හැවිරිදි කොයාන් චමිත ජීවිතක්ෂයට
2017 වර්ෂයේ ජූනි මස 30 වැනි දින 60 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ලුතිනන් කොයාන් චමිත නාවික හමුදාවේ පුහුණුව සඳහා එක්ව තිබේ. සිය මූලික පුහුණුවෙන් පසු විශේෂ යාත්‍රා බළඝණයේ විශේෂ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 2025 වර්ෂයේ ජනවාරි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධානය වෙත සීල් පුහුණුව සඳහා අනුයුක්ත විය.
