ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් – ජනතාවට විමසිලිමත් වන ලෙස දැනුම්දීමක්
නිල්වලා, ගිං, කැලණි, කළු යන ගංගා මෙන්ම අත්තනගලු ඔය සහ මහ ඔය ඇතුළු ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
