පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් ස්සිදුවිම රැසකට මුල පිරූ, ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සමරන පොසොන් පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබෙනවා. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස, මිහින්තලා පර්වතයට වැඩම කරමින් සිදු වූ අසිරිමත් මහින්දාගමනයෙන් මෙරට ජන සමාජය ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනයට මුල පිරිම ඇතුළු සමාජ හා සංස්කෘතික ප්‍රගමනයට ද හේතු වුණා. [...]
