කෙහෙළියගේ පවුලේ සාමාජිකයින් ගොනුකළ පෙත්සම් 03ක් විසිවෙයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් 03ක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. කෙහෙළිය රඹුක්වැල්ල පවුලේ සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. [...]
