දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි
දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායූගෝලීය තත්ත්වයක් ඉදිරි දින කිහිපයේ දී නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (02) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, [...]
