ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම නිමිත්තෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන "ලෝක මානසික සෞඛ්‍ය දිනය" (World Mental Health Day) වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සංවිධානය කරන ජාතික වැඩසටහන් මාලාවේ ජාතික සැමරුම් උත්සවය සහ දැනුවත් කිරීමේ පා ගමන පිළිබඳව මාධ්‍ය සහ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (08) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
