ඉෂාරා ඉන්දියාවට යැවූ බෝට්ටුකරු රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි හට යාපනයේ අලෙයියාලෙයි සිට ඉන්දියාවට පලා යෑම සඳහා ආධාර අනුබල දුන් බෝට්ටු රියදුරා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
