6 sourcesUpdated
රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට එංගලන්තයේ කළ සංචාරය නිල සංචාරයක් නොවන බවට කරුණු අනාවරණය වී ඇතැයි, නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේ ය.පැය තිස් හයක් තුළ රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල් භාවිත කරමින් පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කළේ ය.මේ අතර,, මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කළ හිටපු ජනාධිපති ලේකම් සොමිසාර බණ්ඩාර ඒකනායක නොහොත් සමන් ඒකනායක පෙබරවාරි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් නිල නොවන පුද්ගලික සංචාරයක් සඳහා 2023 වසරේ සැප්තැම්බර් 22 හා 23 යන දෙදිනක පැය 36 ක කාලයක් තුළ මහජන අරමුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද පස්වරු 1.20 ට පමණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැණින.අත්අඩංගුවට ගැනීමට වන අවස්ථාවේ නිවසින් පලාගොස් සිටි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද අද අධිකරණයේ පෙනී සිටියේ ය.- උපුටා ගැනීම - අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්"ස්වාමීනී මෙම අධිකරණයෙන් ලද නියෝග අනුව පසුගිය නොවැම්බර් 13 වැනිදා නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට පිටත් කළා මේ සම්බන්ධව විමර්ශනයන සිදුකරන්න. ඒ ගැන ආරංචි වෙලා නීතිපතිතුමාව හම්බෙන්න ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න, රොනල්ඩ් පෙරේරා ඇතුළු ජනාධිපති නීතිඥවරු තුන්දෙනෙක් ආවා. ඒ ආවේ මේ නඩුව ගැන කතා කරන්න නෙමේ. කොටවලා ඒ වැඩේ අවුල් කරන්න. කොහොමද එහෙම ගියේ?
Full coverage
BBC News සිංහලරනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේදී අද සිදු වූයේ කුමක් ද?

News First - සිංහලරනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...

සියත නිව්ස්රනිල්ගේ නඩුව අද (VIDEO)

Dasatha Lanka Newsහිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

News First - සිංහලරනිල් අධිකරණ පරිශ්‍රයට පැමිණෙයි..

Dasatha Lanka Newsහිටපු ජනපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට

අද දෙරණරනිල් අධිකරණයට

Hiru News - Sinhalaරනිල් කොටුව අධිකරණයට එයි

Summary
එහිදී අධිකරණය ඇමතූ දිලීප පීරිස්: "සැකකරුවෙක් එහෙම වාඩිවෙන්නේ කොහොම ද? අධිකරණයේ අසුන් ගැනීමේදී නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ සියලු ප්‍රකාශවලින් තහවුරු වී ඇත්තේ මේ සංචාරය පෞද්ගලික සංචාරයක් බව," ඔහු තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
More on Ranil Wickremesinghe
Other stories that mention them, newest first.
- Nov 2, 2026Wickremesinghe Warns Against UNP-SJB Alliance2 sources
- Oct 27, 2026Supreme Court Invalidates Presidential Pardon in Maintenance Case7 sources
- Oct 10, 2026Former President Explains Pardon of Gnanasara Thera4 sources
- Sep 30, 2026Court Ruling on Rajapaksa Bribery Case Set4 sources
- Sep 25, 2026Indian High Commissioner Meets Former President5 sources
- Sep 16, 2026New Chinese ambassador meets former President Ranil Wickremesinghe3 sources