“Ceylon Tea Village” පොකුරු තේ ගම්මාන වැඩසටහනට මුලපිරේ
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන "Ceylon Tea Village" (සිලෝන් ටී විලේජ්) හෙවත් පොකුරු තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
