එස්.එම්ගේ බඩඉරිඟු බීජ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 26 වනදා
හිටපු විශේෂ ව්‍යාපෘති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේනට විරුද්ධව පවරන ලද දූෂණ නඩුවේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 26 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඊයේ (12) දින නියම කළා. රජයේ ප්‍රතිපාදන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට බෙදාදීමට වෙන් කර තිබූ බඩඉරිඟු බීජ තොගයක් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාහැරීමේ චෝදනාව [...]
