හිටපු සභාපති ජිම් එකක් කඩා ක්රීඩා උපකරණ හොරකම් කරලා...
රුපියල් ලක්ෂ විසිපහකට (25) අධික වටිනාකමකින් යුත් කායවර්ධන ව්යායාම උපකරණ තොගයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව තංගල්ල නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල, මැදකැටිය ප්රදේශයේ පදිංචි 57 හැවිරිදි වියේ පසුවන, ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තංගල්ල නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙකි
