විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කුසලතා සංවර්ධනයට ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර මානුෂීය සහයෝගීතා වැඩසටහනක්
දකුණු කොරියාවේ තේගු (Daegu) නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක රාජ්‍ය ගෞරවලාභීන්ගේ ස්වේච්ඡා සංවිධානයේ නියෝජිත පිරිසක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් අද (12) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
