මීගොඩ කැබ් අනතුර:-රථයේ හිමිකරුට විදෙස් ගමන් තහනමක්
ඒ සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුවයි.රිය අනතුර සිදු අවස්ථාවේ කැබ් රථයේ සිට පළා ගිය රථයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.පසුගිය ඉරිදා (31) රාත්‍රියේ මීගොඩ දන්සැලක පොලිමක සිටි පිරිසක් වෙතට එම කැබ් රථය ධාවනය කිරීමෙන් පුද්ගලයින් 06 කු මියගොස් තවත් 07 කු තුවාල ලැබූහ.
