ජාතික නාමල් උයන 36 වන සංවත්සරයට සමගාමීව කොරියා - ශ්‍රී ලංකා මිත්‍රත්වයෙන් පාසල් දරුවන් 1500කට අධ්‍යාපන ආධාර
කොරියානු - ශ්‍රී ලංකා ද්විපාර්ශවීය මිත්‍රත්වය ශක්තිමත් කරමින් සංකේතවත් කෙරෙන සුවිශේෂී මානුෂීය මෙහෙවරක් ලෙස ජාතික නාමල් උයන 36 වන සංවත්සරයට සමගාමීව පාසල් දරු දැරියන් 1500 කට අධික පිරිසකට පාසල් උපකරණ හා අධ්‍යාපනික ආධාර බෙදා දීම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් ජාතික නාමල් උයන පරිශ්‍රයේදී පැවැත්විණි.
