2 sources
මහනුවර දළදා පෙරහැරට දින නියම කෙරේ (VIDEO)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව කප් සිටුවීමේ චාරිත්‍රය අගෝස්තු 13 වනදාටයි යෙදී තිබෙන්නේ. ඇසළ පෙරහර මංගල්‍යය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මේ බව ප්‍රකාශ කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
