කිතුල්ගල මන්නකැති ඇල්ලෙන් නව කූඩලු විශේෂයක් සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමක් සමත්වෙති
ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සුවිශේෂී ස්ථානීය ආවේණිකත්වයක් සහිත නව කූඩලු (Impatiens) ශාක විශේෂයක් සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, කිතුල්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවට අයත් මන්නකැති ඇල්ල පරිසර පද්ධතියෙන් සොයාගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ
