තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් 2027 මුල් කාර්තුවේදී
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන වර්තමාන අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සපිරීම උදෙසා සකස් කෙරෙන නව ‘ජාතික තරුණ ප්‍රතිපත්තිය’ (National Youth Policy) 2027 වසරේ මුල් කාර්තුව වන විට අවසන් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
