ඇඟලුම්වලට බ්‍රිතාන්‍ය දුන් තීරු බදු නිදහස ක්‍රියාත්මකයි - ඉන් ලංකාවට ලැබෙන වාසි මොනවා ද?
ශ්‍රී ලාංකාවේ නිෂ්පාදනය කරනු ලබන නිමි ඇඳුම් අපනයන සඳහා එක්සත් රාජධානියෙන් ලබා දී තිබු තීරු බදු රහිත ප්‍රවේශය බලාත්මක කර තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ එක්සත් රාජධානියේ වෙළඳ වැඩසටහනට (DCTS) අදාළ ප්‍රතිසංස්කරණවලට අනුව ජනවාරි 01 වෙනිදා සිට ලිහිල් කරන ලද වෙළඳ රීති / රෙගුලාසි ක්‍රියාත්මක බව කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.
