තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවාස 05ක් ජනතා අයිතියට
තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද නව නිවාස පහක් ප්‍රතිලාභී පවුල් වෙත භාරදීම පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සිදු කෙරිණි.
තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද නව නිවාස පහක් ප්‍රතිලාභී පවුල් වෙත භාරදීම පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සිදු කෙරිණි.
අඩු ආදායම්ලාභී පවුල්වලට තමන්ගේම සුරක්ෂිත හා අංගසම්පූර්ණ නිවසක හිමිකම ලබාදීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකර තිබේ. මෙම වැඩසටහන යටතේ මේ වසර තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස 250ක ඉදිකිරීම් අවසන් කර ප්‍රතිලාභී පවුල් වෙත භාරදීමට නියමිතය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story