කොළඹ මැද ඉඩම් 09ක් වසර 99කට බදුදීලා
කොළඹ ප්රධාන වාණිජ කලාපයට ආසන්න ප්රදේශයේ ඇමරිකානු ඩොලර් කෝටි 112 (බිලියන 1.12ක) වටිනාකමකින් යුත් ඉඩම් කොටස් නවයක් ආයෝජන ප්රවර්ධනය කිරීමේ අරමුණින් බදු දී ඇති බව වරාය නගරය කොමිෂන් සභාවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්හ.
