එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන නෞකා දෙකකට ඉරානයෙන් ප්‍රහාරයක් - එක් අයෙකු මරුට
හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඉන්ධන නෞකා දෙකකට ඉරානය ප්‍රහාර එල්ල කර ඇත. ඉරානය විසින් එල්ල කළ මෙම ප්‍රහාරය "නිර්ලජ්ජිත" ප්‍රහාරයක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසා තිබේ. එම ප්‍රහාරයෙන් ඉන්දීය ජාතික නාවික සේවකයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ. මේ අතර, [...]
