ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නව ඉන්ධන පිරවුම්හල් 75ක්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ ජාලය ආවරණය නොකරන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල නව ඉන්ධන පිරවුම්හල් 75ක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
