සුවිශේෂී තත්ත්වයක් සේ සලකා ඉදිරි සති දෙක තුළ කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් සුද්ධ පවිත්‍ර කරන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් නිලධාරීන්ට උපදෙස්
ඉදිරි කාලය තුළ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින්, වැසි ජලය බැසයාම විධිමත් කිරීම සඳහා කඩිනමින් ඇළ මාර්ග සහ කාණු පද්ධති සුද්ධ පවිත්‍ර කළ යුතු බවත්, ඉදිරි සති දෙක ඇතුළත එම පවිත්‍ර කිරීමේ කටයුතු අවසන් කර ඉදිරියටද අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
