රජය විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග නිසා මූල්‍ය සාක්ෂරතාවය 58% දක්වා ඉහළට පැමිණ තිබෙනවා - අගමැතිනිය
රජය විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බවත්, එය රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අද (05) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැවැති කොළඹ කොටස් හුවමාරුවේ (CSE) 40 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
