2 sources
පොලිස් ආරක්‍ෂාව මැද අපේක්‍ෂකයෙකුට වෙඩි තියයි..
කළුතර දකුණ ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීමට දැරූ තවත් ප්‍රයත්නයක් ඉලක්කය වැරදී යාම හේතුවෙන් අසාර්ථක වී තිබේ. මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර මහ නගර සභාවට තරග වැදුණු බන්දුල ප්‍රසන්න මහතායි.නාගොඩ හන්දියේ පිහිටි ඒ මහතාට අයත් හෝටලය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබියදී, සැකකරු හෝටලයේ පිටුපස දෙසින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
